― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද සිට

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද සිට

බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ඉලක්ක කරමින් අද (05) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහනගර සභා බලප්‍රදේශය ඇතුළු ඩෙංගු අධි අවදානම් කලාපවල විශේෂ මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මීගමුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ද, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර යන ප්‍රදේශවල ද මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇත.

ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණය යටතේ මෙම මෙහෙයුම සංවිධානය කර තිබේ.

සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන, ස්වේච්ඡා සංවිධාන ඇතුළු රාජ්‍ය හා ප්‍රජා නියෝජිත ආයතන රැසකගේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.