― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීගමුව බන්ධනාගාරයේ ගැටුම විමර්ශනයට කමිටුවක්

මීගමුව බන්ධනාගාරයේ ගැටුම විමර්ශනයට කමිටුවක්

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය (05) දින පස්වරු 1.00ට පමණ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව බන්ධනාගාර බලධාරීන් පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම විමර්ශන කමිටුව පත් කර ඇති අතර ඒ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී. ගජනායක මහතා විසින්ද තහවුරු කර තිබේ.

මෙම සිදුවීම මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් වන අතර, රිමාන්ඩ් භාරයේ සිටින පිරිසක් සහ දඬුවම් නියම වී සිටින රැඳවියන් අතර එය හටගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ගැටුම හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 34 දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. පසුව පොලිස් මැදිහත්වීමෙන් තවත් තුවාල ලැබූ පිරිසක්ද රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, සිද්ධියෙන් රැඳවියන් 36 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, එයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි. තවත් තිදෙනෙකු ප්‍රතිකාර ලබා පල්ලන්සේන කඳවුර වෙත මාරු කර ඇති බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම මීගමුව බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 2417 දෙනෙකු සිටින බවද ඔහු සඳහන් කළේය. සිදුවීමෙන් පසු බන්ධනාගාරයේ අභ්‍යන්තර තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර, බන්ධනාගාර නිලධාරීන්ගේ සහයද ලබාගෙන තත්ත්වය සමථයකට පත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදවා ඇති බවද සඳහන් වේ.

මෙය රැඳවියන් අතර සිදුවූ ගැටුමක් පමණක් වන අතර, බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බවද බලධාරීහු අවධාරණය කරති. මේ අතර රැඳවියන්ගේ ඥාතීන් අනවශ්‍ය කලබලයක් හෝ බියක් ඇති කර නොගන්නා ලෙසද ඉල්ලීමක් කර ඇත.

සිදුවීමට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කළ විමර්ශන කණ්ඩායම මේ වන විට කටයුතු ආරම්භ කර ඇති අතර, රැඳවියන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවද බලධාරීහු සඳහන් කරති.