ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
OPEC+ සංවිධානය විසින් එළඹෙන අගෝස්තු මාසය සඳහා නිෂ්පාදන ඉලක්ක ඉහළ දැමීමත් සමඟ මෙලෙස බොරතෙල් මිල පහත වැටීමට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.
එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් අපනයන යළිත් සාමාන්‍ය ලෙස ආරම්භ වීම හේතුවෙන් ලෝක සැපයුම ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 71.78ක් දක්වාත්, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.48ක් දක්වාත් පහළ ගොස් ඇති බව වාර්තා වේ.


