ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන පරිදි, මෙරට ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 60,000 සීමාවට ආසන්න වෙමින් මේ වන විට 59,638 දක්වා වාර්තා වී ඇත.
2025 වසරේදී වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 50,000කට ආසන්න ප්‍රමාණයක් පමණි. මේ වසරේ මෙතෙක් ඩෙංගු මරණ 39ක්ද වාර්තා වී ඇති අතර, පසුගිය දින කිහිපය තුළ පැය 24ක් ඇතුළත රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් හමුවීමත් සමග රෝගය අධි වසංගත තත්ත්වයක් කරා ගමන් කරමින් පවතින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දෙයි.
ජුනි මාසයේ පමණක් ඩෙංගු ආසාදිතයින් 21,546ක් වාර්තා වී තිබේ. දිවයිනේ වැඩිම රෝගීන් සංඛ්‍යාව තවදුරටත් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 31,249කි.
දෙවැනි වැඩිම රෝගීන් සංඛ්‍යාව දකුණු පළාතෙන් වාර්තා වන අතර එය 9,507ක් ලෙස සඳහන් වේ. එමෙන්ම සබරගමුව පළාතෙන් රෝගීන් 5,172ක් හඳුනාගෙන ඇති බවද සඳහන් කර ඇත.


