― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැලේසියානු ආහාර උළෙලට ඇමති විජිත හේරත් එක්වෙයි

මැලේසියානු ආහාර උළෙලට ඇමති විජිත හේරත් එක්වෙයි

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් ආදම් (Badli Hisham Adam) මහතාගේ විශේෂ ආරාධනයක් අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා “මැලේසියානු ආහාර උළෙල” (Malaysian Food Festival) සඳහා සහභාගී වී තිබේ.

මෙම උත්සවය ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර ඇති අතර, එය ඊයේ (05) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

කොළඹ ෂෙරටන් (Sheraton Colombo) හෝටලයේදී පැවති මෙම වැඩසටහන මැලේසියානු කලාව, සංස්කෘතිය සහ විවිධාකාර මැලේසියානු ආහාර සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීම සඳහාම වෙන් කර තිබුණි.

මැලේසියානු සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම උළෙල සංවිධානය කර ඇති අතර, මැලේසියාවෙන් පැමිණි පළපුරුදු සූපවේදීන් විසින් විවිධ ආහාර වර්ග සකස් කර තිබේ.

එසේම, දින කිහිපයක් පුරා කොළඹ හෝටල් දෙකක් සමඟ එක්ව මැලේසියානු ආහාර ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා විශේෂ වැඩසටහනක් මැලේසියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අතර, එහි අවසන් දිනය වූයේ ඊයේ (05) දිනයයි.