― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා

ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා

දූෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේදී විත්තිකරුවන් වෙත ඉදිරිපත් කර භාරදීම සිදුකර ඇත.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කර තිබේ. එමෙන්ම විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියම කර ඇත.

ඊට අමතරව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඒ සම්බන්ධ වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසද විනිසුරුවරයා නියෝග කර තිබේ.

මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 05 වනදා යළි කැඳවීමට නියම කර ඇත.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි 09 වනදා ඇති වූ අරගල අවස්ථාවේදී හානිවීමෙන් පසුව, එම දේපළ සඳහා වන්දි ලබාදීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව, හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව සේවය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට තම නිල බලය යොදා බලපෑම් සිදුකර රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබාගැනීම මගින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.