ඩෙංගු රෝග අවදානමක් මතුවීම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව ඊයේ (06) සිට සති දෙකක කාලයක් සඳහා විශ්වවිද්‍යාලයේ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මේ වන විට විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්වෙමින් තිබූ අතර, උණ රෝගී තත්ත්වයන්ට මුහුණ දී සිටි ඇතැම් සිසුන් ද විභාග සඳහා සහභාගී වී ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කර ඇත්තේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දේශන පැවැත්වීමට කටයුතු කරන බවයි.
ඒ අනුව තාවකාලිකව වසා දමා ඇති මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබන 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.


