― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් වීමත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

2023 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙය වන අතර, එම ජයග්‍රහණයට මූලික පදනම වූයේ තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 217කින් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයයි.

දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 251කට සීමා කළ අතර, ඒ අනුව කොදෙව් කණ්ඩායමට පන්දුවාර 60ක් තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 302ක ඉලක්කයක් හිමි විය.

කෙසේ වෙතත්, එම ඉලක්කය හඹා යාමේ අවදානමට නොගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට තීරණය කළේය. ඒ අනුව ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිං නොදැවී අර්ධ ශතක වාර්තා කරමින් කණ්ඩායම ලකුණු 109ක් දක්වා රැගෙන ගියහ.

ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිං දෙදෙනාම නොදැවී ලකුණු 51 බැගින් රැස් කළහ.

තරගයේ පළමු ඉනිමේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 549ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළ අතර, එහිදී ළහිරු උදාර ලකුණු 188ක් ලබාගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය.

එයට පිළිතුරු ලෙස පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම ලකුණු 499ක් රැස් කළ අතර, ජස්ටින් ග්‍රීව්ස් ලකුණු 180ක් සහ ශායි හෝප් ලකුණු 112ක් ලබාගනිමින් සිය කණ්ඩායම ශක්තිමත් ස්ථානයකට ගෙන ඒමට සමත් වූහ.

මෙම තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද හිමි කර ගැනීමට ජස්ටින් ග්‍රීව්ස් සමත් විය.