සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයකින් පිරිසක් අත්අඩංගුවට
බොරලැස්ගමුව, දිවුල්පිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පෙන්වා පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබේ.
පොලිසිය සඳහන් කළේ, එම ස්ථානයේ විදෙස් කාන්තාවක් ඇතුළු කාන්තාවන් යොදාගෙන මෙම කටයුතු සිදුකර ඇති බවට තොරතුරු ලැබී තිබූ බවයි.
ඒ අනුව සිදුකළ වැටලීමේදී එම ස්ථානය කළමනාකරණය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු සහ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 20ක් වන මකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර වයස අවුරුදු 34ක තායිලන්ත ජාතික කාන්තාවක්ද සිටින අතර, අනෙක් කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 33 සහ 36 වන බොරලැස්ගමුව හා මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකාරියන් බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.


