― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය කණ්ඩායම 20-20 ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි

ඉන්දීය කණ්ඩායම 20-20 ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි

සත්කාරක එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැති තෙවන විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලකුණු 125ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම පරාජය ඉන්දීය කණ්ඩායම විස්සයි-20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ලැබූ දරුණුතම පරාජයක් ලෙස සටහන් වූ අතර, ඒ සමඟ තරග 5කින් සමන්විත තරගාවලියේ 2-0ක ඉදිරියක් ලබා ගැනීමට එංගලන්තය සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 201ක ශක්තිමත් ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. එංගලන්ත ඉනිමට විශිෂ්ට ආරම්භයක් ලබාදුන් පිල් සෝල්ට් පන්දු 44කට මුහුණ දෙමින් ලකුණු 70ක් රැස් කළේය.

ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ සෑම් කරන් පන්දු 24කදී නොදැවී ලකුණු 41ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 200 සීමාව ඉක්මවා ගෙන යාමට දායක විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට එංගලන්ත වේගපන්දු යවන්නන් හමුවේ දැඩි අසීරුතාවකට මුහුණ දීමට සිදුවිය.

ජොෆ්රා ආචර් සහ ජොෂ් ටංග් ඇතුළු එංගලන්ත පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඉන්දීය පිතිකරණ බලඇණිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ අතර, ඔවුන්ගේ ඉනිම පන්දුවාර 11.4කදී ලකුණු 76කට සීමා විය.

මෙම ලකුණු සංඛ්‍යාව ඉන්දීය කණ්ඩායම විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය.