― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කන්කසන්තුරය සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් පිහිටි මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ. ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව ද අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.