― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිර­ක­රු­වන්ට කරු­ණා­වෙන් සැලකූ මගේ පුතාට මේ වගේ අප­රා­ධ­යක් කළේ මොන හිත­කි­න්දැයි හිතා­ගන්න...

සිර­ක­රු­වන්ට කරු­ණා­වෙන් සැලකූ මගේ පුතාට මේ වගේ අප­රා­ධ­යක් කළේ මොන හිත­කි­න්දැයි හිතා­ගන්න බෑ

“මගේ පුතා සිර_කරුවන්ට හරිම ආදරේ කෙනෙක්. එයා මත්පැ_න්වත් දුම් පා_නයවත් කරන්නේ නැහැ. හැම වෙලාවෙම අනෙක් අයට කරුණාවෙන් සලකන කෙනෙක්” යැයි මීගමුව බන්ධනාගාරයේ පසුගියදා සිදුවූ සිද්ධියෙන් මියගිය බුලත්සිංහල, දෙල්මැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි බන්ධනාගාර පොලිස් නිලධාරී දර්ශන තරංග අතුකෝරල මහතාගේ මව කරුණාවතී පෙරේරා මහත්මිය කඳුළු පිරි දෙනෙතින් පැවසුවාය.

“පුතා පොලිස් සේවයේ හිටියත් හැම වෙලාවෙම කතා කළේ අහිංසක මිනිසුන් විඳින අපහසුතා ගැනයි. ඔහු සිර_කරුවන් සමඟ ඉතා කරුණාවෙන් කතාබහ කර සලකපු කෙනෙක්. එවැනි කෙනෙකුට මේ වගේ අපරා_ධයක් කළේ මොන හිතකින්ද කියලා හිතාගන්න බැහැ” යැයි ඇය සඳහන් කළාය.

මීගමුව බන්ධනාගාරයේ පසුගිය 6 වැනිදා ඇති වූ ගැටුමකින් රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් හත්දෙනකුටද ජීවිත අහිමි වූ අතර, ඒ අතර බුලත්සිංහල දෙල්මැල්ල, අඹගහකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි (36) හැවිරිදි බන්ධනාගාර පොලිස් නිලධාරී දර්ශන තරංග අතුකෝරල මහතාද සිටියේය.

සහෝදරයන් දෙදෙනකු සහ එක් සහෝදරියක සිටින දර්ශන පවුලේ බාලයාය. ඔහු බුලත්සිංහල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති අතර, වසර තුනකට පමණ පෙර විවාහ වී තිබේ. මියයන විට ඔහු මාස හතක බිලිඳියකගේ පියෙකු වූ අතර, ඔහුගේ බිරිඳ අසිනි කුමුදුමාලි මහත්මියද සැමියාගේ වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටී.

දර්ශනගේ මව කරුණාවතී පෙරේරා මහත්මියත් පියා කරුණාසිරි මහතාත් මෙම සිද්ධියෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටිති.

“සිද්ධිය රූපවාහිනියෙන් දැක්කාම මම පුතාට කිහිප වතාවක්ම දුරකථන ඇමතුම් ගත්තා. නමුත් ඔහු පිළිතුරු දුන්නේ නැහැ. පසුව ඔහුගේ බිරිඳට කතා කළාම හදිසි රාජකාරියකට මීගමුවට ගිය බව කිව්වා. පුතා ආවාම මට කතා කරන්න කියලා කිව්වත්, තවමත් ඔහුගෙන් ඇමතුමක් ලැබුණේ නැහැ” යැයි මව පැවසුවාය.

පියා කරුණාසිරි මහතාද මෙසේ පැවසීය.

“චූටි පුතාට කරදරයක් කියලා මට දැනගන්න ලැබුණත්, මුලින්ම නිවැරදි විස්තරයක් දැනගන්න ලැබුණේ නැහැ. පසුව පොලිස් සේවයේ සිටින මගේ ලොකු පුතා තමයි මල්ලිට සිදුවූ දේ කිව්වේ. චූටි පුතා සේවය කළේ වැලිකඩ බන්ධනාගාරයේ. රාජකාරි අවශ්‍යතාව අනුව ලංකාවේ ඕනෑම තැනකට යවනවා. නමුත් ඔහුට මෙවැනි දෙයක් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ.”

දර්ශනගේ වියෝවෙන් කම්පනයට පත්ව සිටින ඔහුගේ පාසල් මිතුරෙකුද තම මිතුරා ගැන මෙසේ සිහිපත් කළේය.

“බුලත්සිංහල ජාතික පාසලේ උසස් පෙළ සමයේ සිට ඔහු මගේ හොඳම මිතුරෙක්. ඔහු කිසිදා දුම් පා_නය කළේ නැහැ. කිසිදු මත්_ද්‍රව්‍යයක් භාවිතා කළ කෙනෙක් නොවෙයි. කවදාවත් කා සමඟවත් ගැටුම් ඇතිකරගත් අයෙක් නොවෙයි. ඔහු ගමටත් පවුලටත් සහෝදර සහෝදරියන්ටත් හිතමිතුරන්ටත් ඉතා ළෙන්ගතු පුද්ගලයෙක්.”

දෙල්මැල්ල තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටි අවස්ථාවේ, ඔහුගේ වැඩිමහල් සහෝදරයා බන්ධනාගාර සේවයෙන් ඉවත්ව විදේශගත වූ පසුව දර්ශන එම සේවයට එක්වී තිබේ.

ඔහු දක්ෂ නිලධාරියකු මෙන්ම ක්‍රීඩාවටද දක්ෂ පුද්ගලයෙකු වූ බව මිතුරන් පවසති. ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා රැසකට දස්කම් දැක්වූ ඔහු නිවාඩු දිනවල සවස කාලය ගමේ ක්‍රීඩා පිටියේ ගත කළ අයෙකි. බන්ධනාගාර ක්‍රිකට් කණ්ඩායමද ඔහු නියෝජනය කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ සිද්ධියේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ දුටු අවස්ථාවේ ඔහුට කිහිප වතාවක් දුරකථන ඇමතුම් ලබාගත් නමුත් ප්‍රතිචාරයක් නොලැබුණු බව මිතුරා සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් දර්ශනට සමාන බව පෙනී ගිය නිසා ඔහුගේ බිරිඳට ඇමතුමක් ලබාගත් බවත්, එහිදී ඔහු රෝහල්ගත කර ඇති බව දැනගත් බවත් මිතුරා පැවසීය. පසුව මියගිය පිරිස අතර දර්ශනද සිටින බව දැනගත් බව ඔහු සඳහන් කළේය.

“ඔහු බන්ධනාගාර නිලධාරියෙකු වගේම ඉතා යහපත් ගුණ ඇති පුද්ගලයෙක්. එතරම්ම මාහැඟි ගුණාංග ඔහු සතුව තිබුණා” යැයි මිතුරා පැවසීය.

දර්ශන තරංග අතුකෝරල මහතාගේ වියෝවෙන් දෙල්මැල්ල ගම්මානයම දැඩි ශෝකයට පත්ව සිටින අතර, මෙම අහිමිවීම කාලයක් යනතුරු දරාගත නොහැකි වනු ඇති බව ප්‍රදේශවාසීහු පවසති. 😢🕊️