― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍යවරු අනතුරු අඟවයි

වෛද්‍යවරු අනතුරු අඟවයි

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් ඇති බව විශේෂඥ වෛද්‍යවරු පවසති

චර්ම රෝග මේ වන විට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කරති.

චර්ම රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීම සඳහා සායන වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය සඳහන් කළාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

ඇය සඳහන් කළේ සමේ රෝග ලෝකය පුරා බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් බවත්, ලෝක ජනගහනයෙන් මිලියන 4කට ආසන්න පිරිසකට සමේ රෝග පවතින බවට දත්ත මගින් අනාවරණය වී ඇති බවත්ය.

ශ්‍රී ලංකාව තුළ සමේ රෝග පිළිබඳ නිශ්චිත දත්ත නොමැති වුවද, චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් ලෙස එය බරපතළ සෞඛ්‍ය ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති බවද ඇය පැවසුවාය.

රෝගීන්ට සමේ රෝග පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් වැරදි ප්‍රතිකාර ක්‍රම වෙත යොමුවීමේ අවදානමක් පවතින බවත්, එමගින් රෝග තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

බොහෝ දෙනා සමේ රෝග බෝවන රෝග ලෙස සිතන නමුත්, එය සෑම අවස්ථාවකදීම බෝවන තත්ත්වයක් නොවන බවත්, එවැනි වැරදි මත හේතුවෙන් රෝගීන්ට මානසික පීඩනයක් ඇතිවන බවත් ඇය සඳහන් කළාය.

මේ අතර, සමේ ඇතිවන දිලීර ආසාදන සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ භාවිත කිරීම හේතුවෙන් එම රෝග තත්ත්වයන් පාලනය කිරීමේ අපහසුතා මතුව ඇති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නුවන්ගිකා ශිවන්ති මහත්මිය සඳහන් කළාය.

ඇය පැවසුවේ ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන දිලීර රෝගයක් වන ටීනියා (Ringworm) තත්ත්වය සමේ රෝග සායන වෙත පැමිණෙන රෝගීන්ගෙන් සියයට 20කට පමණ පවතින බවයි.

මෙය සම මතුපිට ඇතිවන දිලීර ආසාදනයක් වන අතර, ඉතා වේගයෙන් පැතිර යා හැකි බවද ඇය පැවසුවාය.

විශේෂයෙන් වෛද්‍ය අනුමැතියකින් තොරව දිලීර නාශක ඖෂධ භාවිත කිරීම හේතුවෙන් මෙම ආසාදන තත්ත්වයන් වඩාත් පැතිරී ඇති බවත්, රෝග ලක්ෂණ හඳුනා ගැනීම පවා අපහසු වන මට්ටමකට පත්ව ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

එමෙන්ම දිලීර නාශක ඖෂධ සඳහා ප්‍රතිරෝධී තත්ත්වයන් ඇතිවීම හේතුවෙන් ආසාදන සමෙන් ඉවත් කිරීම අපහසු වී ඇති බවත්, ඇතැම් රෝගීන්ට දිගු කාලයක් පුරා ඖෂධ පෙති ලබා ගැනීමට සිදුව ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.