― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු – 15 වැනිදා දක්වා දේශන Online පමණයි

කොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු – 15 වැනිදා දක්වා දේශන Online පමණයි

ඩෙංගු ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු හෙට (10) දිනයේ සිට ලබන 15 වැනිදා දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට සරසවි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති පසුබිමම මෙම තීරණය එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඒ අතරින් සිසුන් 05 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන්.

අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වන කාලසීමාව අතරතුර විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දූමාන කටයුතු සිදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් එම කාලසීමාවේ දී ශිෂ්‍ය නේවාසිකාගාර විවෘතව පවතිනවා