රඹුක්කන ප්රදේශයේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පිරිසෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ බව කෑගල්ල රෝහලේ අධ්යක්ෂවරිය පවසයි.
අද අලුයම 1.30ට පමණ විරෝධතාවය ආරම්භ කිරීමත් සමඟ රඹුක්කන – මාවනැල්ල, රඹුක්කන – කෑගල්ල සහ රඹුක්කන කුරුණෑගල යන ප්රධාන මාර්ග තුනේම ගමනාගමනයට බාධා එල්ල විය.
මෙම විරෝධතාව හේතුවෙන් දුම්රිය ගමන් වාර 08ක් ද ඇනහිටි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.