― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාර්ථක මිනිහෙක් වෙන්න හිරබත් කන්නම ඕනේ

සාර්ථක මිනිහෙක් වෙන්න හිරබත් කන්නම ඕනේ

බන්ධනාගාර ජම්පරය ඇන්දවීමට ඇතැම් පිරිස් උත්සාහ කළද, ඒ සම්බන්ධයෙන් තමන් කිසිඳු බියක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

ලෝකය පාලනය කළ ශ්‍රේෂ්ඨ නායකයින් පවා සිරගතව සිට ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා, සැබෑ සහ සාර්ථක නායකයෙකු බිහිවන්නේ අභියෝගවලට මුහුණ දීමෙන් පසුව බවද කියා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පස්සර ආසන බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ, තමන්ට ඉදිරියේදී බන්ධනාගාර ජම්පරය අන්දවන බවට ඇතැමුන් පවසන බවත්, එසේ වුවද ඒ පිළිබඳව තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත්ය.

ලෝකයේ බලවත් නායකයින් රැසක්ද අතීතයේදී සිරගතව සිට ඇති බව පෙන්වා දුන් ඔහු, නෙල්සන් මැන්ඩෙලා වසර 28ක් සිරගතව සිටි බවද සිහිපත් කළා.

සාර්ථක පුද්ගලයෙකු යනු දුෂ්කර අත්දැකීම්වලට මුහුණ දී ඒවා ජයගෙන ඉදිරියට පැමිණෙන අයෙකු බවද මන්ත්‍රීවරයා පැවසුවා.

තවද බන්ධනාගාර ආශ්‍රිත ගැටලු පිළිබඳව තමන් දැනුවත් බව සඳහන් කළ ඔහු, එහිදී සිදුවූ මරණ සම්බන්ධයෙන් සහ ඒවා සිදුවූ ආකාරය පිළිබඳව තමන් පාර්ලිමේන්තුවේදී මීට පෙරද කරුණු ඉදිරිපත් කළ බවත්, එම කරුණු පිළිබඳව රජය දැනුවත්ව නොසිටි බවත් ප්‍රකාශ කළා.