― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 640ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 640ක් අත්අඩංගුවට

දිවයින පුරා අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන දෛනික සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 640 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය පැවසුවේ ඊයේ (11) දිනයේදී පුද්ගලයින් 27,217 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතරින් පුද්ගලයින් 30 දෙනෙකු අපරාධවලට සෘජුව සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර, විවෘත වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 88 දෙනෙකුද ඒ අතර වන බව පොලීසිය ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම මෙහෙයුම් අතරතුර බීමතින් රිය ධාවනය කිරීමේ චෝදනා මත පුද්ගලයින් 173 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 133 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තවද, අනෙකුත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,051 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.