― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපිස්සු බල්ලෝ වගේ මිනිස්සුන්ට වෙඩි තියන්න පොලීසියට අයිතියක් නැහැ

පිස්සු බල්ලෝ වගේ මිනිස්සුන්ට වෙඩි තියන්න පොලීසියට අයිතියක් නැහැ

ආයුධයක් අතට ගත් පමණින් පොලිසියට පිස්සු බල්ලන් මෙන් හැසිරීමට බැරි බවත් මෙම ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව, අමාත්‍යවරයා සහ පොලිසිය භාර ගත යුතු බවත් නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (19) රඹුක්කනදී දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව අතරතුර පොලිසිය සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

“ගෑස් නැති කරලා, තෙල් නැති කරලා රට මෙච්චර අර්බුදකාරී මට්ටමක තියෙද්දී මිනිස්සු අවේගශීලී වූ පමණින් එහෙම වෙඩි තියන්න පොලිසියට හැකියාවක් නැහැ. අපි දන්නේ පොලිසියේ කතාව විතරයිනේ. මිනිස්සුන්ගේ කතාව අපි දන්නේ නැහැනේ. පොලිසිය කියනවා මිනිස්සු ප්‍රතිප්‍රහාර එල්ල කළා කියලා. මිනිස්සු තුවක්කු අරගෙන ඇවිල්ලා ඔතන හිටියේ නෑනේ.

පොලිසිය කඳුළු ගෑස් ගහලා යන්නේ නැත්නම්, පොලිසියට බැට්න් චාජ් කරන්න පුළුවන්. ඒ වගේ පොලිසියට ගන්න පුළුවන් වෙන ක්‍රියාමාර්ග තියෙනවා. එහෙම නම් රබර් බුලට්ස් තියෙන්නේ. පොලිසියට එක පාරට ජීව උණ්ඩවලින් වෙඩි තියලා විරෝධතා මර්දනය කරන්න කිසිම අයිතියක් නැහැ.

මේකේ වගකීම අමාත්‍යවරයා, ආණ්ඩුව හා ජනාධිපතිවරයා ගත යුතුයි. මොකද ජනාධිපතිවරයාට හැම වගකිව යුතු පුද්ගලයෙක්ම, සංවිධානයක්ම, නීතිඥ සංගමය දිගින් දිගටම කිව්වා මේ මිනිස්සුන්ව ඉතාම පරිස්සමින් කළමනාකරණය කරගන්න කියලා.

පොලිසියට ආයුධයක් දුන්නට පස්සේ පොලිසියට පුළුවන් කමක් නැහැ පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්න. ඒක නිසා පොලිසිය වගකීම අනිවාර්යයෙන් ගන්න ඕනේ. පොලිසියට පුළුවන් කමක් නැහැ මුල් අවස්ථාවේදී එහෙම වෙඩි තියන්න. ඒ වගේ එකක් විසුරුවා හරින්න පොලිසියට ක්‍රමවේදය උගන්නලා තියෙන්නේ.