― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තා නියෝජනය 33%ක්

කාන්තා නියෝජනය 33%ක්

පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවල කාන්තා නියෝජනය 33% දක්වා ඉහළ නැංවීමට අවධානය

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 33ක් දක්වා වැඩි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නීතිමය වෙනස්කම් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී අවධාරණය කර තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති සංසද රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එහිදී පළාත් සභා මැතිවරණවලදී කාන්තා හා තරුණ නියෝජනය තහවුරු කිරීම සම්බන්ධයෙන් මෙන්ම, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා පිළිබඳව ද අවධානය යොමු විය.

පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා ඉදිරිපත් කරන නාම යෝජනා ලැයිස්තුවල මෙන්ම තේරී පත්වන මන්ත්‍රීවරුන් අතරද අවම වශයෙන් සියයට 33ක කාන්තා නියෝජනයක් සහතික වන ආකාරයේ නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි පියවර ලෙස මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීමටද සංසද රැස්වීමේදී තීරණය කර ඇත.