― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් ඉහළට

මැදපෙරදිග නැවතත් උද්ගත ව ඇති තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 7.29කින් හෙවත් 9.59%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 83.30ක් ලෙස සටහන් ව ඇත.

එමෙන්ම WTI බොරතෙල් මිල ඩොලර් 6.73කින් හෙවත් 9.42%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 78.14ක් ලෙස සටහන්ව තිබේ.

බ්‍රෙන්ට් බොරතෙල් මිලෙහි මෙම වැඩිවීම මිල අප්‍රේල් 2 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම එක්දින ඩොලර් වර්ධනය සහ ජූනි 12 වැනිදායින් පසු සටහන් වූ ඉහළම මිල ද වන බව වාර්තා වේ.

ඉරානය සමඟ යළිත් හමුදාමය ප්‍රහාර හුවමාරු වීමෙන් අනතුරුව, එක්සත් ජනපදය විසින් නාවික අවහිරයක් නැවත පනවන බවත්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩවලින් 20% ක මුදලක් ගාස්තු වශයෙන් අය කරගන්නා බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීමට වොෂින්ටනයට මැදිහත් වීමට ඉඩ නොදෙන බවත්, ඉරානයේ අවසරයකින් තොරව සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට එක්සත් ජනපදය දරන ඕනෑම උත්සාහයකට මුහුණ දෙන බවත් ඉරානය සඳහන් කර සිටී.

කෙසේවෙතත් ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා භාවිතා කරන සමුද්‍ර සන්ධි සඳහා ගාස්තු අය කිරීමට තමන් විරුද්ධ වන බව පවසමින් එක්සත් ජාතීන්ගේ නාවික නියෝජිතායතනය ට්‍රම්ප්ගේ යෝජනාවට එදිරිව අදහස් දැක්වූ අතර, සමුද්‍ර සන්ධි හරහා ගමන් කිරීම සඳහා අනිවාර්ය බදු හඳුන්වා දීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව ද අවධාරණය කළේය.

පෙබරවාරි අගභාගයේදී ගැටුම ආරම්භ වීමට පෙර, ගෝලීය දෛනික තෙල් සහ ස්වාභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරුණි.

ජූනි මාසයේදී එකඟ වූ සටන් විරාමය අතරතුර නෞකා ගමනාගමනය නැවත වැඩිවීමට පටන් ගෙන තිබූ නමුත් මෙම නොසන්සුන්තා වර්ධනය වීමත් සමඟ එය නැවත මන්දගාමී වී තිබේ.