― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරථවාහන දඩ ගෙවන්නැයි එන ව්‍යාජ කෙටි පණිවුඩවලට හසු නොවන ලෙස පොලිසියෙන් දැනුම්දීමක්

රථවාහන දඩ ගෙවන්නැයි එන ව්‍යාජ කෙටි පණිවුඩවලට හසු නොවන ලෙස පොලිසියෙන් දැනුම්දීමක්

පොලිස් රථවාහන කොට්ඨාසය මගින් යොමු කළ බවට හැඟවෙන ආකාරයෙන් රථවාහන දඩ මුදල් ගෙවන ලෙස සඳහන් කරමින් ජංගම දුරකථන වෙත ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ.

එවැනි පණිවුඩයක් ලැබුණහොත් ඒ පිළිබඳව වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ද පොලිසිය ඉල්ලා සිටී.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා සඳහන් කළේ, පොලිස් රථවාහන කොට්ඨාසය විසින් කිසිදු අවස්ථාවක මෙවැනි කෙටි පණිවුඩ නිකුත් නොකරන බවයි.

රථවාහන වැරදි කිහිපයක් සිදුකර ඇති බවත්, ලබාදී ඇති වෙබ් සබැඳියක් (Web Link) හරහා ගොස් දඩ මුදල් ගෙවන ලෙසත් සඳහන් කරමින් වට්ස්ඇප් හෝ වෙනත් ක්‍රම මගින් ජංගම දුරකථන වෙත ලැබෙන පණිවුඩ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.

එම ව්‍යාජ සබැඳි හරහා පිවිසීමෙන් වළකින ලෙසත්, කිසිදු අවස්ථාවක තම පුද්ගලික තොරතුරු හෝ බැංකු ගිණුම් තොරතුරු ලබා නොදෙන ලෙසත් ජනතාවට අවවාද කර තිබේ.

එවැනි සැක සහිත කෙටි පණිවුඩයක් ලැබුණහොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත්, පොලිස් රථවාහන කොට්ඨාසය මගින් මෙවැනි පණිවුඩ කිසිදු ආකාරයකින් යොමු නොකරන බවත් පොලිසිය අවධාරණය කරයි.