රඹුක්කන ඇතිවූ සිද්ධියෙන් පුද්ගලයෙකු මිය ගොස් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට රඹුක්කන ස්ථානාධිපතිවරයා අණදුන් බවට පවසමින් රඹුක්කන ස්ථානාධිපතිවරයාගේ බව පවසන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
මෙම හුවමාරු වන ඡායාරූප වත්මන් ස්ථානාධිපතිවරයාගේ නොව හිටපු ස්ථානාධිපතිවරයාගේ බවයි අප කළ සොයා බැලීමකදී හෙළිවුණේ.
මෙම ඡායාරූපවල සිටින ස්ථානාධිපතිවරයා මීට මාස දෙකකට පමණ පෙර රඹුක්න පොලිසියෙන් ස්ථාන මාරුවක් ලබා මඩකලපුව පාසිකුඩා පොලිසියට ගොස් තිබෙනවා.
මේ ගැන අපි ඔහුගෙන්ම විමසීමක් කළා..
මගේ ෆොටෝ එකක් තමයි මේ ෂෙයාර් වෙන්නේ..
මම දැන් මාස දෙකක් විතර වෙනවා පාසිකුඩා පොලිසියට ඇවිත්.
මගේ හඳහනේ තියෙනවා වස්දොස් යන්න ඕනේ කියලා.. දැන් මගේ වස්දොස් හොඳට ගියා..