― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇප් කුලී රථ රියදුරා ඝාතනය කර ඇත්තේ ගෙල කැපීමෙන් බවට මරණ පරීක්ෂණයේදී...

ඇප් කුලී රථ රියදුරා ඝාතනය කර ඇත්තේ ගෙල කැපීමෙන් බවට මරණ පරීක්ෂණයේදී හෙළිවෙයි

හෝමාගම පොලිස් වසමේ සිංහඅරණ මාර්ගයේ ඇළ මාර්ගයක් ආසන්නයේ තිබී ඊයේ (16) සොයාගත් මළ සිරුර සම්න්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මෙම මරණය ගෙල කපා සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ මෘත දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු හෝමාගම රෝහලේ දී සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෝමාගම, පිටිපන ප්‍රදේහයේ පදිංචිව සිටි අවුරුදු 41ක දෙදරු පියෙක්.

මෙම පුද්ගලයා පෙරේදා (15) රාත්‍රීයේ යතුරුපැදියෙන් කුලී ගමනක් ගොස් සිටිය දී මෙම ඝාතනය සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොහුගේ යතුරුපැදිය, රන් මාලයක්, ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය සැකකරුවන් විසින් කොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා ඇඟලුම් ආයතනයක රැකියාවක නිරත වන අතරතුර, අර්ධකාලීනව ඇප් (App) මඟින් ධාවනය වන කුලී යතුරුපැදි රියදුරෙකු ලෙස ද කටයුතු කළ අයෙක්.

සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා