ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ වන විට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.
සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොළ තුළ තවමත් ස්ථාවර තත්ත්වයක් නොපවතින බැවින්, QR ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යාම සුදුසු බවට තීරණය කර ඇති බවයි.
ඔහුගේ අදහස අනුව, මෙම ක්‍රමවේදය මඟින් ඉන්ධන පරිභෝජනය මෙන්ම විදේශ විනිමය (ඩොලර්) සංචිතයද වඩාත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමට හැකි වී තිබේ.
එමෙන්ම, ජාත්‍යන්තර යුදමය තත්ත්වය නැවතත් උග්‍ර වුවහොත් රට තුළ ඉන්ධන හිඟයක් හෝ දිගු පෝලිම් තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහාද QR ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් බව සංස්ථාව පෙන්වා දෙයි.
මේ අතර, වත්මන් ජාත්‍යන්තර අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම් ජාලයට මේ දක්වා කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවද කළමනාකරණ අධ්යක්ෂවරයා අවධාරණය කළේය. එසේම, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලෙහි ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


