🚨 නුවරඑළිය භෞත චිකිත්සකවරියගේ ඝාතන නඩුවේ සැකකරුවන් සිව්දෙනාට යළි රක්ෂිත බන්ධනාගාරය
නුවරඑළියේදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ ප්රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා ජූලි 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම සැකකරුවන් ඊයේ (16) බන්ධනාගාර නිලධාරීන් විසින් නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, නුවරඑළිය මහේස්ත්රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය ඉදිරියේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඔවුන් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
යළි රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර ඝාතනයේ ප්රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, ප්රධාන සැකකරුට සහාය ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති කුණ්ඩසාලේ ප්රාදේශීය සභාවේ රියදුරෙකු සහ මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ද ඇතුළත් වේ.


