33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු අප්‍රිකා ක්‍රිකට් නායිකාව බිග්බෑෂ් පිටියට

දකුණු අප්‍රිකා ක්‍රිකට් නායිකාව බිග්බෑෂ් පිටියට

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකාව ඩේන් වැන් නයිකර්ක් මෙවර ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් කාන්තා තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් පිලට එක්වී සිටී. 28 හැවිරිදි මේ තුන්ඉරියව් ක්‍රීඩිකාවට බිග් බෑෂ් පිටියේ දොරටු විවර වූයේ එම කණ්ඩායමේ විදෙස් ක්‍රීඩිකාව ලෙස තෝරාගෙන සිටි නවසීලන්ත පිලේ සුසී බේට්ස්ට දේශ සීමා කොවිඩ් සංචාරණ නිති හේතුවෙන් එම තරගාවලියට සහභාගි විමේ අවස්ථාව අහිමි වූ බැවිනි.

පසුගියදා නිමාවට පත් වූ එංගලන්තයේ ‘දි හන්ඩ්‍රඩ්‘ කාන්තා ක්‍රිකට් තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනූ ඩේන් මීට පෙර තරගවාර 5කදී බිග්බෑෂ් කාන්තා තරග බිමට එක්වූයේ සිඩ්නි සික්සර්ස් පිල නියෝජනය කරමිනි. ඇය මේ දක්වා බිග් බෑෂ් කාන්තා තරග බිමේ ලකුණු දහසකට ආසන්න සංඛ්‍යාවක් රැස් කර ඇති අතර, කඩුලු 74ක් ද බිඳ දැමීමට සමත් වූවාය.

මෙවර බිග් බෑෂ් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 14 වැනිදා සිට නොවැම්බර් මස 27 දක්වා පැවැත්වේ.