― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම ඉවතට

උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම ඉවතට

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කළ බව සඳහන් වේ.

මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණේ මෙම වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමු සහ දෙවන වරට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් පිරිසක් විසිනි.