― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජෝඩු ඇල්ලේ සෙල්ෆි ගන්න ගිය සිසුහු දෙනෙක් පහළට වැටී මරුට

ජෝඩු ඇල්ලේ සෙල්ෆි ගන්න ගිය සිසුහු දෙනෙක් පහළට වැටී මරුට

නකල්ස් රක්ෂිතයේ පිහිටි ජෝඩු ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී දිය ඇල්ලෙන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පන්විල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නකල්ස් දෙමළ මහා විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලබමින් සිටි තවලන්තැන්න නකල්ස් වත්තේ පදිංචි බී. සල්ජිත් සහ එම ප්‍රදේශයේම පදිංචි කේ. ඩිලෝන් යන සිසුන් දෙදෙනාය.

පොලීසිය සඳහන් කළේ, එම විද්‍යාලයේ 09 වසරේ සිසුන් පස්දෙනෙකු ඊයේ (22) පස්වරුවේ ජෝඩු ඇල්ල වෙත දිය නෑම සඳහා ගොස් ඇති බවයි. එහිදී මියගිය සිසුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී දිය ඇල්ලෙන් පහළට ඇද වැටී තිබේ.

අනතුරෙන් එක් සිසුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් සිසුවා මුලින් මොඩල්කලේ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත ගෙන යමින් සිටියදී ගිලන් රථය තුළදී මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය සිසුවාගේ දේහය කටුගස්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පන්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.