― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මැකො පොලිස්පතිට යැවූ ලිපිය

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මැකො පොලිස්පතිට යැවූ ලිපිය

රඹුක්කන වෙඩි තැබීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හා පොලිස්පති වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය පහතින්…

මහින්ද දේශප්‍රිය
විශ්‍රාමික මැතිවරණ කොමසාරිස්
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති .
110 , පොල්වත්ත පාර
පෝරඹ , අම්බලන්ගොඩ
2022.04 20.
ලේකම් , මහජන ආරක්ෂක අමාත්‍යාංශය
පොලිස්පති , ශ්‍රී ලංකා පොලීසිය
⁣ මහත්වරුනි

රඹුක්කන මහජන උද්ඝෝෂණය හා පොලිස් වෙඩි තැබීම
ඉහත කරුණට අදාළව පරීක්ෂණ පැවැත්වීමට ඔබ පියවර ගන්නා බව ප්‍රකාශ කරන අතරම ඒ වෙඩි තැබීමට සාධාරණ හේතු ඇති බව පොලීසිය විසින්ම ප්‍රකාශ කිරීම එකිනෙකට පරස්පර බව පළමුවෙන්ම කාරුණිකව පෙන්වා දෙමි .
මෙම උද්ඝෝෂණය ආරම්භවීමටහේතුව ඉන්ධන හිඟය , මිළ වැඩි කළ සැණෙන් ඒවන විට තිබූ තොගය වැඩිමිළට අලෙවි කිරීමේ නියමය නැතහොත් ප්‍රයත්නය සහ එයට අදාළ තවත් කරුණු බව නිරීක්ෂණය වේ .

මෙවැනිම උද්ඝෝෂණයක් 19 දින අලුයම රත්නපුරයේද ආරම්භ වී ඇති නමුත් එහිදී රඹුක්කන මෙන් බරපතල හානි එනම් ජීවිත හානි සිදුවී නැත.
එබැවින් රඹුක්කනදී මෙවැනි මනුෂ්‍ය ඝාතන සිදුනොවන පරිදි තත්වය පාලනය කිරීමට හැකියාව තිබූ බව හඟිමි .
ජනතාවට උද්ඝෝෂණ කිරීමට අයිතියක් ඇතිබව 18 දින ගරු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර පැය විසිහතරක් යෑමට පෙර , ජනතා උද්ඝෝෂණයකට පොලිසියෙන් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සරදමකි . ඛේදවාචකයකි . අයුක්තියකි ,

මේ පිළිබඳව සිදුකරන පරීක්ෂණයේදී අගතියට පත් පාර්ශව වෙනුවෙන් කරුණු දැක්වීමට ඉදිරිපත්වන නීතිඥයන්ට අවශ්‍ය සහාය දෙන ලෙස ඉල්ලා සිටින අතර සත්‍ය කරුණු ඉදිරිපත් කරන සාක්ෂි යටපත් කිරීමට හෝ වසන් කිරීමට ඉඩ නොදෙන ලෙසත් ඉතා ඕනෑකමින් අවධාරණය කර සිටිනු රිසියෙමි .
එමෙන්ම ගාලු මුව දොර හෝ වෙනත් ඕනම ස්ථානයක හෝ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණවලදී ජනතාව ප්‍රකෝප කරවන කටයුතුවලින් වැළකී සිටීමේ හා පොලිස් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටීමේ අනිවාර්ය අවශ්‍යතාව සම්බන්ධයෙන් ඔබගේ නිලධාරීන් දැනුම්වත් කරන ලෙසද මේ උද්ඝෝෂණ , ප්‍රචණ්ඩත්වය කරා යෑම වැළක්වීම , පොලීසිය වෙත පැවරෙන අත් හැරිය නොහැකි වගකීමක් බව වැඩිදුරටත් ඔබගේ නිලධාරීන් දැනුම්වත් කරන ලෙසත් කාරුණිකව දන්වා සිටිමි.
කුමන තත්වයක් යටතේ වුවද පොලිස් වෙඩි ප්‍රහාරයකින් උද්ඝෝෂකයන් ඝාතනය , මම දැඩි ලෙස හෙළා දකිමි.

                                                                                 මහින්ද දේශප්‍රිය 
                                                                                      551581977 v 
   ජංගම දුරකථනය 0777464911 
                වට්සැප්      0758557941

ඉ තැපෑල [email protected]