― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපාස්කු ප්‍රහාරය පිටුපස අන්තවාදයට එහා ගිය කුමන්ත්‍රණයක් තිබෙනවා - කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරය පිටුපස අන්තවාදයට එහා ගිය කුමන්ත්‍රණයක් තිබෙනවා – කාදිනල් හිමි

පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙවසරක් සපිරෙන අද දිනයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කොච්චිකඩේ ශාන්ත අනිතෝනි දෙව් මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයට සහභාගී වෙමින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳ අදහස් දක්වා සිටියේය.

එහිදී පාස්කු ප්‍රහාර මාලාව පිටුපස ඉස්ලාමීය අන්තවාදයට එහා යන මහා කුමන්ත්‍රණයක් තිබූ බවට හෙළිදරව් වෙමින් තිබෙන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

පාස්කු ප්‍රහාරය සිදු වූ පසු එකල ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටදී මාධ්‍යට දුන් පිළිතුර වන “ඔව් අපි මේ ප්‍රහාරය ගැන දැන සිටියා. එහෙත් මේ තරම් දරුණු ප්‍රහාරයක් වෙයි කියලා සිතුවේ නැහැ” යන වදන්වලින් පවා තමන් වගකීම ඉදිරියේ බරපතල ලෙස නොසලකා හැරීමක් සිදු කළ බවද ප්‍රසිද්ධියේ පිළිගෙන තිබියදීත් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීම මියගිය සැදැහැවතුනට හා අන් අයට මෙන්ම තුවාල ලද අයට නීතිපති දෙපාර්තම්න්තුව සහ රජය කළ අපහාසයක් බවද කාදිනල් හිමියන් එහිදී සඳහන් කළේය.

සහරාන් අත්අඩංගුවට නොගැනීම තුළින් හිටපු ජනාධිපතිවරයා තම ක්‍රියාමාර්ග අතපසු කරවා ඇති බවත් අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්න එපා යයි කියමින් සහරාන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකිරීම කතෝලික ජනතාවගේ දැඩි කනස්සල්ලට හේතු වන කාරණයක් බවත් කාදිනල් හිමිපාණන් පැවසීය.

එසේම මේ කරුණු ගැන නෑසුණු කන් ඇතිව සිටීම කතෝලික ජනතාව හෙළා දකින බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළේය.