බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එක්දින නායක කිරන් පොලාඩ් ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කර තිබේ.
සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් කිරන් පොලාඩ් පවසා ඇත්තේ තමා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදීමට තීරණය කර ඇති බවයි. 34 හැවිරිදි පොලාඩ් ජාත්‍යන්තර එක්දින තරග 123 කදී කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇත.
එමෙන්ම ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 101 කට ද ක්‍රීඩා කර තිබීම විශේෂත්වයකි. එක්දින පිටියේ ලකුණු 2706 ක් ද විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලිදී ලකුණු 1569 ක් ද ලබා ගෙන ඇති කිරන් පොලාඩ් ජාත්‍යන්තර එක්දින තරග 61 කදී කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබා දී තිබේ. 2021 වසරේදී එක් පන්දුවාරයක් තුළ හයේ පහර 6ක් එල්ල කළ ලොව තුන්වෙනි ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්විය.