26.7 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටලු විසඳීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් ජීඑස්පී සහනය අනතුරේ

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටලු විසඳීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් ජීඑස්පී සහනය අනතුරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ඇති ගැටලු විසදීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් ලබන වසරේ සිට ජීඑස්පී සහනය අහිමි වී යෑමේ අනතුරක් දක්නට ලැබෙන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා (30) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය ජුනි මාසයේදී මානව හිමිකම් පිළිබඳ වු නිර්දේශයන් මත මේ වන විටත් යුරෝපා සංගමය ජීඑස්පී බදු සහනය ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇති බව හිතනවා.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශයන්ට අනුව ආණ්ඩුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නයට මේ දක්වා සාර්ථක විසදුමක් ලබා දී නැහැ.මේ තත්ත්වය මත ලබන අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500 ක පමණ වූ යුරෝපීය අපනයන වෙළෙඳ බදු සහනය අහිමි වී යෑමේ අනතුරක් දක්නට ලැබෙනවා.

මේ බදු සහනය අහිමි වීම මේ රටට ඉතා විශාල පාඩුවක් බවට පත් වෙනවා.මේ තත්ත්වයෙන් මිදිමට නම් ආණ්ඩුව මානව හිමිකම් පිළිබඳව වූ ප්‍රශ්නයට යම් සාර්ථක හා පිළිගත හැකි විසදුමක් ඉදිරිපත් කළ යුතු වෙනවා.

උතුරු පළාත් විශේෂ