ආයෝජන මණ්ඩලය (bOI) හරහා මෙරට පවත්වාගෙන යන කර්මාන්ත ආයතන දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් එම ආයතන ආසියාවේ වෙනත් රටවලට රැගෙන යාමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.
අඛණ්ඩව විදුලිය නොලැබීම, ප්රවාහන දුෂ්කරතා මෙන්ම ඉන්ධන ගැටලු ආදිය නිසා දිගින් දිගටම පාඩු ලැබූ බව එම ආයතන සඳහන් කරන අතර සේවක වැටුප් ගෙවීම් පවා මව් ආයතන මගින් සිදු කළ බව ඔවුන් පවසයි.
මෙම තත්ත්වය දිගින් දිගටම කළ නොහැකි බැවින් ඔවුන් මෙම තීරණ සඳහා සාකච්ඡා ආරම්භ කර තිබේ.