මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමේ අරමුණින් රජය විසින් එම වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් සලකා බලන බව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඒ සඳහා දැඩි කැපවීමෙන් යුතුව අගනා මෙහෙවරක් ඉටු කළ කමිටුවේ සභාපතිවරයාට හා සාමාජිකයින් හට ජනාධිපතිවරයා ප්‍රශංසා කළ බවත් ඔහු අවධාරණය කරයි.