31.7 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් මේ සතියේ දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් මේ සතියේ දිවයිනට

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් රැගත් නෞකා දෙකක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, හෙට දිනයේ ගැස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවය.

එම ගෑස් තොගය අනිද්දා සිට වෙළෙඳපොළට නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ , අනිද්දා දිනයේද ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි.

මේ අතර, අඩු මිලට ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන් දෛනිකව සිය සමාගම රුපියල් කෝටි 25 ක පමණ පාඩුවක් ලබන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.