― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාව තවත් පහළට වැටේ

ශ්‍රී ලංකාව තවත් පහළට වැටේ

ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පහත හෙළා තිබේ.

මීට පෙර පැවති CC තත්ත්වයේ සිට Selective Default දක්වා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

දින 30ක කාලයකින් පසු 2023 – 2028 කාලයේදී කල් පිරීමට නියමිත ස්වෛරීත්ව බැඳුම්කර පොලී ගෙවීම මඟහැරීම මත ශ්‍රේණිගත කිරීම් ඪ් මට්ටම දක්වා තවදුරටත් පහත පැවතිය හැකි බව වාර්තා වේ.

එම කාලය තුළ ශ්‍රී ලංකා රජය අදාළ ගෙවීම් සිදුකරනු ඇති බවට අපේක්ෂා කළ නොහැකි බව ද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. 2019 දෙසැම්බර් 18 වැනිදා සිට ෆිච්, මූඩීස් හා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් සෘණාත්මක ලෙස පහත දැමීම ආරම්භ කර තිබේ.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාව දක්වා ඇති ශ්‍රේණිගත කිරීම් මෙරට ඉතිහාසය තුළ රට පත්ව ඇති පහළම ශ්‍රේණිගත කිරීමද වේ.