― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුරකතන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහළට..?

දුරකතන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහළට..?

ඉදිරියේදී දුරකතන ඇමතුම් ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු වැඩිවනු ඇතැයි වාර්තා වේ.

විදුලි සංදේශන සමාගම් පවසන්නේ රුපියල පා කිරීමට තීරණය කිරීමත් සමඟ තම සමාගම්වල මෙහෙයුම් පිරිවැය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි. සන්නිවේදන කුළුණු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමට ඉන්ධන වැයවන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ යාම විදුලි සංදේශන ක්ෂේත්‍රයටද සෘජුව හා දැඩිව බලපා ඇති බවත් එම සමාගම් පෙන්වා දෙයි.

සන්නිවේදන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය මෙවලම් මුළුමනින්ම පාහේ ආනයනය කෙරෙන බැවින් ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ යාම විදුලි සංදේශන සමාගම්වල මෙහෙයුම් පිරිවැයට බලපා ඇත.

සබඳතා පවත්වා ගැනීම පිළිබඳ සැලකීමේදී වැඩි වී ඇති මෙම පිරිවැයවලට අමතරව එම සමාගම් පවත්වා ගැනීමට දැරිය යුතු ප්‍රවාහන, විදුලි සහ අනෙකුත් පිරිවැයද ඉහළ ගොස් තිබේ. එවැනි පසුබිමක මෙතෙක් ජනතාවට බරක් නොවූ සේවා අතළොස්ස අතරින් ප්‍රධානතම සේවාවක් වූ විදුලි සංදේශන සේවා අඛණ්ඩව ලබාදීමට නම් එම පිරිවැය පාරිභෝගිකයාගේ බිල්පතට එක්කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔවුන් පවසයි.

කෙසේනමුත් ජනතාව මත අසීමිත බර පැටවීමකින් තොරව මෙම ගැටලු විසඳා ගැනීමට ඔවුන් බලධාරීන්ගේ කඩිනම් අවධානය බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.