ශ්රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති මළල ක්රීඩා උළෙලකදී නව ආසියානු වාර්තාවක් පිහිටුවා තිබේ.
එහිදී ඔහු මීටර් 150 තරග ඉසව්ව සඳහා තරග වැදී ඇති අතර එහිදී යුපුන් අබේකෝන් තත්පර 15යි දශම 1යි 06කින් තරගය නිම කරමින් නව වාර්තාවක් තැබීමට සමත් වී ඇත.
එම ඉසව්වේ ආසියානු වාර්තාව පැවතුණේ තත්පර 15යි දශම 3යි 05ක් ලෙසයි. එය ජපාන ධාවන ශූරයෙකු විසින් බිහිකර තිබිණි.