ඉන්ධන මිල සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ඩොලරයේ අගය ඉහළ යෑම නිසා සංස්ථාව විශාල වශයෙන් පාඩු ලබන තත්වයක් මතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
මැයි මාසයේ මුල් සතිය වනතුරු ප්‍රමාණවත් ඉන්ධන තොග රටේ පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා විදුලි බලාගාර සඳහාද ප්‍රමාණවත් ඉන්ධන තොග නිකුත් කර ඇතැයි පැවසුවේය.