27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනියෝජ්‍ය කතානායක ධුරයට නම් දෙකක්..?

නියෝජ්‍ය කතානායක ධුරයට නම් දෙකක්..?

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබේ.

නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතත් එම ලිපිය ජනාධිපතිවරයා බාරගෙන නොමැත.

මැයි මස 04 වැනිදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදී පාර්ලිමේන්තුවේ පළමු කාර්යභාරය වන්නේ නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කිරීම බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.