26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පොදු ප්‍රවාහන සේවා සඳහා පොලිස් ආරක්ෂාව

අද පොදු ප්‍රවාහන සේවා සඳහා පොලිස් ආරක්ෂාව

රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් අද (28) සිදුකරනු ලබන වැඩ වර්ජනයට දුම්රිය සහ ලංගම සේවක වෘත්තීය සමිති එක් නොවන බවත් පෞද්ගලික බස් රථ සේවාද මෙම වැඩ වර්ජන ක්‍රියාවලියට සහභාගී නොවන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඒ අනුව පොදු මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට එම නියෝජිතයන් එකඟ වී ඇති බව අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේය.

එමෙන්ම අද දිනයේ ධාවනයේ යෙදෙන පොදු ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.