මධ්‍යම අප්‍රිකාව විසින් සිය නිල මුදල් ඒකකය ලෙස Bitcoin පිළිගැනීමට අනුමැතිය දී තිබේ.
මධ්‍යම අප්‍රිකාවේ ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බිට්කොයින් නිල මුදල් ඒකකය බවට පත් කිරීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකමතිකව ඡන්දය භාවිත කළ බවයි.
එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම පියවර ගැනීම හරහා මධ්‍යම අප්‍රිකාව ලෝකයේ නිර්භීතම සහ වඩාත් සාර්ථක දැක්මක් සහිත රටක් බව පෙන්නුම් කර ඇති බවය.