― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදේශීය සහල්වලට උපරිම මිලක්

දේශීය සහල්වලට උපරිම මිලක්

දේශීය සහල් වර්ග සඳහා උපරිම මිලක් නියම කරමින් රජය විසින් ඊයේ (02) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව දේශීය සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

සුදු සහ රතු සම්බා සහල් කිලෝග්‍රෑමයකට නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 230ක්ද, දේශිය කීරි සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 260ක උපරිම සිල්ලර මිලක්ද නව ගැසට් නිවේදනයට අනුව නියම කර තිබේ.

මෙලෙස නිකුත් කළ නව ගැසට් නිවේදනයට අනුව එම දේශිය සහල් වර්ග උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීම, සැපයීම, වෙළදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළදාම් සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම්ය.

වී අලෙවි මණ්ඩලය විසින් මහ කන්නයේ වී මිලදී ගැනීම පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ කළ අතර රජය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 90කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 92කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95ක මිලකටත් මිලදී ගන්නා බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.