― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකටුනායක අධිවේගය හදන්න ගිය මුදලෙන් බාගයක්ම අපතේ

කටුනායක අධිවේගය හදන්න ගිය මුදලෙන් බාගයක්ම අපතේ

කටුනායක අධිවේගී මාර්ගයට 2003 වර්ෂයේදී ඉංජිනේරු සැලසුම නිර්මාණය කළ බව සහ ඒ ව්‍යාපෘතියේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳව අනුර කුමාර මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටිනවා.

එම සැලැස්ම අතර මඟ නැවතුන බවත් නැවත් 2008 වර්ෂයේදී නැවත් එය ආරම්භ කරන විට සීයට හාරසිය තිස් හතක (437%) වැඩිවීමක් ඇති වී තිබූ බව ඔහු කියා සිටිනවා. කලින් ඇස්තමේන්තු කළ මුදලට වඩා හත් ගුණයකට වඩා වැඩි වීමක් ඇති වූ බව පැවසූ අනුර කියා සිටින්නේ එම වසර පහට එසේ වැඩි වීමක් කිසිසේත් ඇති විය නොහැකි බවයි.

එමෙන්ම ඔහු කියා සිටියේ මේ වනවිට ඇතිව ඇති උද්ධමන තත්වය මත එසේ සිදුවීමක් වුවත් 2003 වර්ෂය සිට 2008 වර්ෂය දක්වා එසේ තත්ත්වයක් නොතිබුනු බවයි. අනුර කුමාර දිසානායක අවධාරණයෙන් කියා සිටින්නේ එයින් මුදල් හරි අඩකට වඩා ප්‍රමාණයක් අපතේ ගලාගෙන ගොස් ඇති බවයි.