30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනිද්දා මැදියම් රැයින් දුම්රියත් නවතියි

අනිද්දා මැදියම් රැයින් දුම්රියත් නවතියි

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදුකරන හර්තාල් ව‍යාපාරයට සහයෝගය පළ කරමින් අනිද්දා (05) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ඒ අනුව දුම්රිය නියාමක සංගමය, දුම්රිය ස්ථානාධිපති සංගමය, ලොකොමොටිව් ඔපරේටිං එන්ජිනියර්ස් යූනියන්, දුම්රිය සේවක සංගමය, දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ඇතුළු දුම්රිය වෘත්තිය සමිති 40 කට වැඩි ප්‍රමාණයක් මෙම විරෝධතාවයට සහයෝගය පළ කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් එස් විතානගේ ප්‍රකාශ කළේය.