25 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොබෙල් සාහිත්‍ය සම්මානය ටැන්සානියාවට

නොබෙල් සාහිත්‍ය සම්මානය ටැන්සානියාවට

ටැන්සානියාවේ ප්‍රකට නවකතාකරුවකු වන අබ්දුල් රසාක් ගුර්නා මේ වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය. 73 හැවිරිදි අබ්දුල් රසාක්ට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිවන්නේ ඔහු විසින් පසුගිය වසරේ ලියා පළ කරනු ලැබූ ‘uncompromising and passionate’ නමැති කෘතිය වෙනුවෙනි. නොබෙල් සාහිත්‍ය සම්මානය සමඟ ඔහුට ලැබෙන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන 1.14ක් වනු ඇතැයි වාර්තා වේ.

මේ වන විට නවකතා 10ක් සහ කෙටි කතා රැසක් ලියා පළ කර ඇති අබ්දුල් රසාක් ඉංග්‍රීසි බසින් සාහිත්‍යකරණයේ නිරතවන ටැන්සියානු ලේඛකයන් අතර ප්‍රමුඛස්ථානයේ සිටී.