― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනාධිපතිවරයාගේ ආරක්ෂාව තර කෙරේ

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තර කෙරේ

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක වන ජනාධිපති ආරක්ෂක සේනාවේ සහායට නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර තිබේ.

ජනාධිපති ආරක්ෂක සේනාවේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා මෙම පත්කිරීම කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා මහ බැංකුව අසළ පිහිටි පොලිසියේ ආරක්ෂක වළල්ල බිඳ දමා ජනපති මන්දිරයට ඇතුළුවීමට ගත් උත්සාහය ඇතුළුව පොලිසියෙන් සපයන ආරක්ෂාව සම්බන්ධව උද්ගත වූ අඩුපාඩු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ ආරක්ෂක සේනාවේ සිටින පොලිස් කණ්ඩායම්වල අණදීම මෙතෙක් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ තිබිණි. සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විරෝධතා හා උද්ඝෝෂණ තත්ත්වයන්වලදී පොලිසියට අණ දීමේදී ඇතිවන ගැටලු සැලකිල්ලට ගෙන මෙම පත්කිරීම කර තිබේ.

ජනපති මන්දිරය අසළට පසුගිය අඟහරුවාදා (03) අන්තරේ භික්ෂූන් කඩා වැදීමේදී පොලිසියට එය වළක්වා ගත නොහැකිවීම සම්බන්ධව ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පෙරේදා (04) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැතිණි.