― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඅර්බුදයට විසදුම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

අර්බුදයට විසදුම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.
ඊයේ 8 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා

සර්ව පාර්ශවික අන්තර් ආණ්ඩුවක් කියන කාරණාව නැවත මතු වෙලා තියෙනවා. නීතිඥ සංගමයෙන් යම් යෝජනා මාලාවක් ඉදිරිපත් කරල තියෙනවා. අද වෙනකොට සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම මේ යෝජනා මාලාව පදනම් කරගෙන   සාකච්ඡා පටන් අරගෙන තියෙනවා.
 ජනාධිපතිවරයා එක්ක යම් යම් සාකච්ඡා පටන් අරගෙන තියෙනවා.
 සජිත් ප්‍රේමදාස මහත්තයා සමගි ජනබලවේගයේ අය කිව්වේ ජනමතයට හිස නමනවා . ජනතාව කිව්වේ රාජපක්ෂ ආණ්ඩුව ම ගෙදර යන්න ඕනේ කැබිනට් එකම ඉල්ලා අස් වෙන්න ඕනේ.
 මෙයා කියමින් ආවේ මම හොරුත් එක්ක ආණ්ඩු කරන්නේ නෑ මේ ජනාධිපතිවරයා එක්ක ආණ්ඩු කරන්න යන්නේ නෑ.
 මොකද ජනමතය තියෙන්නෙ එතැන.ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දයක් ඉල්ලුවා.
 එතකොට අපි අහපු ප්‍රශ්නය තමයි මහ මැතිවරණයක් තියෙද්දිත් මේ ජනාධිපතිවරයා ඉන්නේ.එතකොට මොකක්ද මේ කතාව.
 මහ මැතිවරණය ඉල්ලන්නේ මේ ජනාධිපතිවරයා එක්ක අන්තර්වාර පාලන හදන්නේ නෑ කියලා. මේ කතාවේ පටලැවිල්ලක් තිබුණා.
 සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිකම අයින් කරන්න කියල කිව්වට එයාට මේ විධායක බලතල පාවිච්චි කිරීමේ ඕන කම තියෙනවා.
 විධායක බලතල සහිත අගමැති වීමේ ඕන කම තියෙනවා.
 මේ ඊයේ පෙරේදා කියපු කතා වෙනස් කරලා අද වෙනකොට 113 සහාය තියෙනවා නම් අන්තර්වාර පාලනයකට සූදානම් බව පෙන්වන ආකාරයේ ලකුණු තියෙනවා.
 මේ ජන අරගලය මාසයකටත් වැඩි කාලයක් තිස්සේ සුවිශේෂී කැපකිරීම් කරමින් දිගෑරෙන මේ ජනතා අරගලය පාවා දීමට කිසිම අයිතියක් නෑ දේශපාලන කණ්ඩායම් වලට.
 ගෝඨා ගෝ හෝම් කියන එකේ තේරුම ගෝඨාභය රාජපක්ෂ කාලයක් තිස්සේ මේ රටට විනයක් වෙච්ච බරපතළ හෙනයක් වෙච්ච මේ විධායක ජනාධිපති ධුරයත් ප්‍රජාතන්ත්‍රවරෝධී විධායක ජනාධිපති ධුරය ඉවත් කරන්න ඕන කියන එක තමා ඉල්ලීම.
 ඒ නිසා තමයි අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ පමණක් ඉල්ලා අස්වෙලා තේරුමක් නැහැ මේ විධායක ජනාධිපති ක්‍රමයත් අයින් වෙන්න ඕනේ.ගෝටත් යන්න ඕනේ පුටුවත්ය න්න ඕනේ.
 මේගොල්ලෝ දිගින් දිගටම කියන්නේ ව්‍යවස්ථාවේ ඉඩකඩ නෑ. නමුත් අපි ඉතා වගකීමෙන් කියනවා අද පේනවනේ ජනතාව මේ ජනාධිපතිවරයා ඉවත් කරගන්න අවශ්‍ය ජනමත විචාරණය නම් එවැනි ජනමත විචාරණය කැඳවීමේ හැකියාව සාමාන්‍ය ජනතාවට නෑ.
 ජනමතවිචාරණය කැඳ වීමේ හැකියාව තියෙන්නේ ජනතාව එපා කියන ජනාධිපතිවරයාට.
 මේ ව්‍යවස්ථාව ජනමත ය නියෝජනය කරන්නේ නෑ. මේ ව්‍යවස්ථාව ජනතාවගේ සැබෑ ජනමතය නියෝජනය නොකරන ව්‍යවස්ථාවක්.
 ජන අරගලයට සාධාරණයක් වෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ තත්ත්වයක් නිර්මාණය කරන්න ඕන.පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ වල වගකීම වෙන්නේ ඒක.
 පහුගිය කාලය පුරාම සමගි ජන බලවේගය මැතිවරණයක් ඉල්ලුවා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයක් ඉල්ලුවා.
 ආණ්ඩුවේ ඉන්න අය හදනවා ජනාධිපතිවරයාව තියාගෙන කොහොමහරි විධායක ජනාධිපති බලය කියන  හෙවන යටතේ.

කොහොමහරි තව කාලයක් ආණ්ඩුව ඇදගෙන යන්න.

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා කටයුතු කරන්න ඕනා. ඒකට ගේන්න පුළුවන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ජනතාවගේ යම්කිසි  ප්‍රතිශතයක් එකතුකරල ජනතාවගේ කැමැත්ත අනුව ජනමතවිචාරණයක් කැඳවන්න මේ වගේ වෙලාවකදී.
 තේරී පත්වෙන පාර්ලිමේන්තු නියෝජිතයා එයා ජනතා විරෝධී ලෙස කටයුතු කරනවානම් ඔහුව නැවත කැඳවීම සමහර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවල තියෙන අන්න එවැනි කරුණු මේකට ඇතුල් කරන්න. දශක ගණනාවක් තිස්සේ රටේ තියෙන ජාතික ප්‍රශ්නය.
 ජාතිවාදය අහෝසි කරන තීරණාත්මක නීතිරීති ඇතුළු කරන්න. ආර්ථික සමානාත්මතාවය පිළිබඳ කරුණු ඇතුල් කරන්න. අධ්‍යාපනය සෞඛ්‍යය ප්‍රවාහනය වගේ දේවල් ජනතාවගේ අයිතියක් ලෙස ප්‍රකාශයට පත් කරන්න කාන්තාවන්ට කෙරෙන අසාධාරණයන් වැළැක්වීම පිළිබඳ නීතිරීති ගේන්න වතු කම්කරුවන්ට නිශ්චිත මාසික වැටුපක් ගේන්න මේ වගේ දේවල් එකතු කරපු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්න ඕනේ.
 ඒනිසා අපි හිතනවා මේ ජන අරගලය තුළ රටේ බහුතර ජනතාවගේ ආශිර්වාදය ලැබිලා තියෙන ජන අරගලය තුළ තියෙන එක ප්‍රධාන පණිවිඩයක් තමයි මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන්න.
 විධායක ජනාධිපති ක්‍රමය අසාර්ථකයි. මේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමය අසාර්ථකයි. අඩුම තරමේ මේ සමස්ත ක්‍රමයේ වෙනස ආරම්භ කිරීම සඳහා අපි යෝජනා කරනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධ උද්ඝෝෂණය අපි ගන්න ඕනේ.
 ජනාධිපති මල්ලි අගමැති අයියව ඉවත් කරන්න සැලසුම් සකස් කරලා තියෙනවා. ඒකට කුමන්ත්‍රණ සකස් කරමින් යනවා. යන්න කියන්නේ ගෝඨාභයට යන්න වෙලා තියෙන්නේ අගමැතිට මහින්ද රාජපක්ෂට.
 ඒගොල්ලන්ගෙ දේශපාලනය ආරක්ෂා කරගන්න බිල්ලට දෙන්න ඕනේ අයියා ද මල්ලි ද පුතා ද කියන එක අදාළ නෑ අද වෙනකොට ඒක සිද්ධ වෙමින් යනවා.
 මේ එකකින්වත් ජනතා අභිලාෂ ඉෂ්ට වෙන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් ජනතා අරගලයට සම්බන්ධ කරගමු අරගලයේ ප්‍රතිඵල දැන් තියෙනවා.
 ව්‍යවස්තාවේ නීතියෙ නැ ති මේ අරගලය අද වෙනකොට පවුල ඇතුළේ කුමන්ත්‍රණ කරන තත්ත්වයට මේ අරගලය ඉදිරියට ගිහින් තියෙනවා.
 වියවස්තාවේ නැති නීතියෙන් නැ ති බලයක් අද මෙතැන ආදේශ වෙලා තියෙනවා .
 අපි කියන්නේ මේ බලයත් එක්ක සම්බන්ධ වෙලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි යන්න ඕන. පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන සියලුම පක්ෂවලට අපි බල කරනවා මෙතනට වැඩපිළිවෙළ හදන්න.
 අනිත් කාරණය තමයි ජනතාවගේ බලය මේක අපි දිගටම කියපු කාරණයක් අපි කොහොමද ජනතාවගේ බලය කල් පවත්නා ස්ථාවර බලයක් බවට පත්කරගන්නේ.
 හැමදාම ගෝල්ෆේස් එකේ ඉන්නේ නැති වෙයි. මේ බලය ස්ථාවර බලයක් බවට පත්කරගන්නේ ප්‍රජා මට්ටමෙන් ගම් නගර සහ වීදි වැඩපොළ මට්ටමෙන් ගොවි බිම් මට්ටමෙන් ධීවර ප්‍රදේශ පදනම් කරගෙන අපි මේ ආර්ථික ඒකක පදනම් කරගෙන අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය වගේ ක්ෂේත්‍ර පදනම් කරගත්තු ජනඅරගල සභා ඒකක ගොඩනගමින් පහල සිට ඉහලට දිවෙන ජාතික කවුන්සිලයක් ගොඩනගන්න ඕන.
 අපි දිගටම කියපු කාරණය තමයි ජනතාව ඡන්දය දීලා පැත්තකට වෙලා ඉන්නවා වෙනුවට මේ අද වගේ පාරට බැහැලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා.
 මෙ සටන කොහොමද අපි කවුරු ආණ්ඩු කරත් කවුරු බලය හෙබවූ වත් කොහොමද තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව පාර්ලිමේන්තුවෙන් පිටත කොහොමද මේ ජන බලය ගොඩ නගන්නේ.
 පාර්ලිමේන්තුවෙන් පිටත මේ ජන බලය ගොඩනගන එකම ආකෘතිය තමයි ජනඅරගල සභා ව්‍යුහය හරහා ක්‍රමානුකූලව ජාතික කවුන්සිලයක් දක්වා ගොඩනගන එක. මේක පහල සිට ඉහළට එන්න ඕනේ.
 පක්ෂ එකොලහේ කට්ටිය ඉදිරිපත් කරල තියෙනවා යෝජනා ඒක නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නෑ. සමහර අය ජාතික විධායක සභාවක් යෝජනා කරලා තියෙනවා.
 නමුත් අපි කියන්නේ ඒක නෙමෙයි. මේක ජනතා ඒකක වල පහළ සිට ඉහළට එන්න ඕනේ. ප්‍රජා කේන්ද්‍රීය ආර්ථික ක්ෂේත්‍රයන් කේන්ද්‍ර කරගත්තු විවිධ ක්ෂේත්‍ර කේන්ද්‍රකරගෙන පහළ සිට ඉහළට එන ව්‍යුහයක්.
 සියලුම පක්ෂවලට ඡන්දය දුන්න අය ඉන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් නෑ. ජනතා නියාය පත්‍රය තමයි උඩට එන්නෙ.
 අපි යෝජනා කරන්නේ මේ වැනි ව්‍යුහයක්.