― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති නෝ ආන්සර් - පොලිසිය මහජන සාමය ආරක්ෂා කරන්නේ මෙහෙමද?

පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති නෝ ආන්සර් – පොලිසිය මහජන සාමය ආරක්ෂා කරන්නේ මෙහෙමද?

කොළඹ මේ වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අපට බොහෝ පිරිසක් සඳහන් කර සිටියේ මේ අවස්ථාව සම්බන්ධයෙන් ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙද්දී පවා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස්පතිවරයාගේ දුරකථන අංකවලට දිගින් දිගටම ඇමතුම් ලබාගත්තද කිසිම ඇමතුමකට ඔවුන් ප්‍රතිචාර දක්වා නැහැ.

ඉන් පසුව අපද පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දිගින් දිගටම ඇමතුම් ලබාගත්තද ඔවුන් අපගේ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමක් සිදුකළේ නැහැ.

රටේ හදිසි තත්ත්වයකදී පවා ඔවුන්ට දුරකථනයට ප්‍රතිචාර දැක්වීමට නොහැකිනම් ඔවුන් කාර්යාලවලට සිටින කෙනෙකුට හෝ දුරකථනය ලබාදීමට නොහැකිනම් ඔවුන්ගෙන් ඉටුවන කාර්යභාරය කුමක්ද..?

කාර්යාලවල සහ තමන්ගේ ආරක්ෂක නිලධාරීන් පෞද්ගලික සහයකවරුන් සිටිනා පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇමතුමක් ලබාගැනීමට නොහැකිනම් ඔවුන් රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවාද, ඕනෑ දෙයක් සිදුවීමට ඉඩ දී බලාසිටිනවාද යන්න ප්‍රශ්නයකි..