31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිල පාලනය කළ නොහැකි ආණ්ඩුවක් මොකට ද?

මිල පාලනය කළ නොහැකි ආණ්ඩුවක් මොකට ද?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ගෑස්, සිමෙන්ති, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල හිතු මනාපෙට ඉහළ යද්දී තමන්ට එම මිල පාලනය කිරීමට නොහැකි යැයි කියන්නට ආණ්ඩුවක් මොකටදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

මේ ආණ්ඩුවට රට ගොඩනඟනවා තබා අඩු තරමේ ආර්ථිකයවත් කළමනාකරණය කර ගැනීමේ කිසිදු හැකියාවක් නැති බව ඉතා හොඳින් ඔප්පු කොට ඇති බවද විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ වැඩසටහනේ 31 වැනි පියවර ඊයේ (11) තන්තිරිමලේ ප්‍රදේශයේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නවලින් ජනතාව මුදාගෙන, ඔවුන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීමේ හැකියාව ආණ්ඩුවට නැතිනම් ඒ බව පිළිගෙන වහාම ඉවත් වී, රට ගොඩනැඟිය හැකි කණ්ඩායමකට ඒ වගකීම භාරදෙන ලෙසත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

පහන් විජේසේකර